Saturday, March 12, 2011

පතනා වරම



දසත සුවද විහිදවමින්
සිහිල් පිණි පොදක්
ගත දවටාගෙන
නුඹයි
සැරසුවේ ගං දෑල
අලංකාරව හැමදාම
ඉතින් මල් කැකුලියේ
නෙලා මා ඔබ
පුදන්නම් අද දින
ලොව්තුරු බුදුන් අභියස
නිවන් ලබන්නට වරමක් පතන්නට...!

Friday, December 31, 2010

2010 න් 2011



2010 ත් ගෙවිලා ගියාලු.ගොඩක් දේවල් පුබුදුවාට මේ අවුරුද්ද ඇතුලත පුබුදුවාට වුනානේ.පුබුදුවගේ ජීවීතේ සෑහෙන්න වෙනස් වුනා මේ අවුරුද්දක් තමයි 2010 අවුරුද්ද.සතුටු හිතෙන දේවල් වුනා,දුක හිතෙන දේවල් වුනා,මුලින් සතුටු වෙලා පස්සේ දුක හිතෙන දේවල් වුනා..මොනදේ වුනත්දැන් ඉතින් ඒ දේවල් වුනා.ඒ ජාතියෙන් මේ ජාතියෙන් මොන ජාතියෙන් වුනත් හිනා වෙලා ඒ දේට මූණ දෙන්න ඕන කියන අදහසෙයි පුබුදුවා නම් ඉන්නේ.
2010 අවුරුද්ද ඇතුලත් පුබුදුවට ගොඩක් යාලුවො හම්බුනා...ගොඩක් දෙනෙක් අදුන ගන්න පුලුවන් වුනා.ඒ අය අතර ගොඩාක් හිත හොද අය හිටියා,ඒ අතර මහම මහ නරක මිනිස්සුත් හිටියා.තව පිටින් හොද මූණ පෙන්න ගෙන ඉන්න ඒත් හිත නරක මිනිස්සු හම්බුනා.
මේ දේවල් කොහොම වුනත් පුබුදුවාට 2010 ගැන සතුටු වෙන්න පුලුවන්.ඒ වගේම මගේ වටේ ඉන්න යාලුවො ටිකටත් ස්තුති වෙන්න ඕන පුබුදුව්ට ගොඩක් දේවල් වලට උදව් පදව් කලාට.
අම්මට තාත්තට ගොඩක් ස්තුතියි හැමවෙලේම මං ගැන හොයලා බලන එක ගැන.ඒ වගේම මගේ ආදරණීය නිලූ ,මගේ ලගින් හැමතිස්සෙම ඉන්දගෙන මට උදව් කරනවට මම කොහොම ස්තුති කරන්නද?
තව මගේ යාලුවො ගොඩක් ඉන්නවා,,නම් කියලා නම් ඉවරයක් කරන්න බැරිවෙයි...මගේ රත්මලානේ ක්ලාස් එකේ යාලුවො ටික නම් මට කොහොම වත් අමතක කරන්න බැහැ.
ඒ වගේම අන්තර්ජාලය තුලදි හමුවුන යාලුවො එයාලත් මට ගොඩක් වැදගත්(වත්සලා අක්කා,හසිත අයියා(මඩ හසියා),හසී අක්කා,හසිත මලයා(පොඩ්ඩි),අශාන්,ජේඩී අයියා,හා පැටික්කි අක්කා,දිල්සහරා අක්කා)
ඒ වගේම එක කුසක නොඉපදුනත් මගේම සහෝදරයෙක් වගේ ඉන්න දිනේශ් අයියත් මම ගොඩක් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ.
ඔයගොල්ලො ඔක්කොම මාත් එක්ක 2011 වසර පුරාවටමත් ඉන්දීවි කියලා මම විශ්වාස කරනවා.

එහෙනම් ඔයගොල්ලො ඔක්කොටමයි ඔයාලගේ පවුල් වල ඔක්කොටමයි නිරෝගි සුව සාමය සතුට පිරුණ ලස්සනම ලස්සන සුභ නව වසරක් වේවා...!